විනයගරුක, නීතිගරුක, ධනාත්මක ආකල්ප වලින් හෙබි, ජව සම්පන්න අනාගත පරපුරක් බිහිකිරිම තුලින් සියළු ජනතාව රටේ සුරක්ෂිතව ජීවත්වනු දැකීම.
ශ්‍රී ලාංකික පාසල් තුල සුවහසක් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් විනයානුකූලව, යහපත් ආකල්පවලින් හෙබි මනා පෞරුෂත්වයකින් හා මනා නායකත්වයකින්, ඉදිරි අභියෝග වලට මුහුණ දිය හැකි දක්ෂ තරුණ පරපුරක් තුලින් රටේ තිරසාර සංවර්ධනයක් ඇති කිරිම උදෙසා ඇප කැප වීම.
1972 ලංකාව ජනරජයක් වීමත් සමඟම එවකට අගමැතිනියගේ උපදෙස් පරිදි හා එවකට පොලිස්පති ධූරය හෙබවූ ස්ටැන්ලි සේනානායක මහතාගේ විශේෂ මූලිකත්වයෙන් ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, අද්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව මැලේසියානු පොලිස් ශිෂ්‍යභට සේවය අනුගමනය කරමින්, මහජනතාවත් පොලිසියත් අතර වඩාත් සමීප සම්බන්ධතාවයක් ඇති කොට, වත්මන් තරුණ පරපුර සංවරශීලි, විනියගරුක, යහපත්, නිරෝගි පරපුරක් බවට පත්කිරීමේ බලාපොරොත්තුව ඇතිව ශ්‍රි ලංකා පොලිස් ශිෂ්‍යභට සේවය වර්ෂ 1972 ජූලි මස 04 වන දින කොළඹ ලොන්ඩන් පෙදෙසෙහි පිහිටි විශේෂ පොලිස් උපසේවා මූලස්ථානයේදී ආරම්භ කර ඇත.