පරණ පොලිසිය, මහියංගනය පාර, බදුල්ල ලිපිනයේ පිහිටුවන ලද ඌව පළාත් අපරාධ කොට්ඨාසය 2025.08.09 වන අද දින සවස් කාලයේ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් විවෘත කිරීම සිදුකරන ලදී.
විශේෂයෙන් ඌව පළාතට අදාලව සිදුවන අපරාධ විමර්ශනය කිරීම සඳහා මෙම ඒකකය විවෘත කරන ලද අතර ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම කොට්ඨාසය ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, බදුල්ල දිසාව භාර නියොජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව, බදුල්ල, බණ්ඩාරවෙල හා මොණරාගල කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක් සහභාගි විය.