අභිනව පොලිස්පතිතුමන්ට පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ උත්තමාචාරය

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.08.22 වන අද දින උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයට පිවිස පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.සමන්ත ද සිල්වා මහතා ඇතුලු මූලස්ථානයේ රාජකාරි නියුතු නිලධරයන් හමුවිය.

පොලිස්පතිතුමන් පොලිස්පතිධූරයට පත්වූ පසු පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිල සංචාරයක යෙදුනු ප්‍රථම වාරය මෙම අවස්ථාවයි. 

දිවයිනේ ඕනෑම හදිසි අවස්ථාවකට සූදානමින් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ කාර්යභාරය ප්‍රමුඛව නීතිය හා සාමය සුරුකීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන පොලිස් විශේෂ කාර්ය බලකායේ හැකියාවන් සහ ශක්තීන් මෙරටට මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට ඉමහත් අභිමානයක් බව පොලිස්පතිතුමන් එහිදී ප්‍රකාශ කළේය.

Scroll to Top