පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.08.25 වන දින උදෑසන ආරක්ෂක අමාත්‍යංශයේදී මෙරට ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා හමුවිය.
පොලිස්පතිතුමන් පොලිස්පති ධූරයට පත්වූ පසු ආරක්ෂක ලේකම්වරයා නිල වශයෙන් හමුවූ පළමු අවස්ථාව මෙයයි. පොලිස්පතිතුමන් එහිදී මෙම හමුව සිහිගැන්වෙන සමරු තිළිණයක් ආරක්ෂක ලේකම්වරයා වෙත පිළිගැන්වූ අතර ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිතුමා වෙත සිය සුභාශිංසන පිරිනැමීය.