බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ සංජීව ධර්මරත්න මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිතුමාගේ ස්ථාන මාරුවීම් නියෝග පරිදි පසුගිය 2025 නොවැම්බර් 18 දින පොලිස් මූලස්ථානයේදී ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන නිලධාරීවරයා වශයෙන් වැඩ භාර ගත්තේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) යනු පොලිස්පතිවරයා නිවාඩු ලබන හෝ විදෙස්ගතවන අවස්ථාවකදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස රාජකාරි ඉටුකිරීමට නිතැතින්ම පත්වන, ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිධූරයට පමණක් දෙවෙනි වන භූමිකාව නියෝජනය කරමින් පොලිසියේ සමස්ථ පරිපාලන කටයුතු මෙහෙයවන නිලධාරීවරයායි.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී ( භෞතික විද්‍යා) උපාධියක් හිමිකරගනිමින් 1999 වසරේදී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා කොට්ඨාස භාර නිලධාරියෙක් ලෙස මෙන්ම ජ්‍යෙෂ්ඨ, නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස දිවයිනේ සෑම ප්‍රදේශයකම සේවයේ නිරත වූ අත්දැකීම් සපිරි විනයගරුක කීර්තිමත් නිලධාරිවරයෙකු ලෙස ප්‍රකටය.