දකුණු පළාත තුලදී දඩ පත්‍රිකාව ගෙවීම සඳහා රාජ්‍ය ගෙවීම් පද්ධතිය (GOV PAY) භාවිතා කිරීමේ හැකියාව ලබාදී ඇත.

දකුණු පළාත තුලදී ඔබ සිදුකරන රථවාහන වැරද්දක් වෙනුවෙන් ලැබෙන දඩ පත්‍රිකාව ගෙවීම සඳහා රාජ්‍ය ගෙවීම් පද්ධතිය (GOV PAY) භාවිතා කිරීමේ හැකියාව ලබාදී ඇත.

කුරුණෑගල, අනුරාධපුරය ඇතුලු වයඹ පළාතට සහ උතුරුමැද පළාතට අයත් පොලිස් ස්ථාන 14 ක නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භකළ මෙම පහසුකම ඉන් අනතුරුව බස්නහිර පළාත සහ අධිවේගී මාර්ගය ආශ්‍රිතවද සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබීමෙන් දකුණු පළාත තුල පොලිස් ස්ථාන සඳහාද ලබාදීමට කටයුතු කර ඇත.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය සහ Lanka pay ආයතනය එක්ව එළිදැක්වූ Gov pay මාර්ගගත ගෙවීමේ පහසුකම ඔස්සේ මේ වන විට රුපියල් මිලියන 30 ක පමණ දඩ මුදල් අයකරගනීමට හැකිවී ඇති බව 2025.10.20 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ප්‍රවාහන මහාමාරග හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ඩිජිටර් කාර්යසාධන බලකායේ සභාපති හර්ෂ පුරසිංහ මහතා පැවසීය. ඒ් අනුව එම දඩ මුදල් අයකරගැනීම වාර 20000කදී පමණ සිදුකර ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දකුණු පළාත තුල රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව සහ බස්නාහිර පළාත් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J සේනාධීර මහතා විසින් එහිදී මෙම පහසුකම මහජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම්, දුරකථන සහ දැනුම පොලිස් ස්ථාන වෙත ලබාදීමට ක්‍රියාකර ඇති බවත් තවදුරටත් ක්‍රියාකරමින් පවතින බවත් ප්‍රකාශකරන ලදී. කාලය හා ශ්‍රමය අවම කරගැනීම සඳහා නොපැකිලිව මෙම ක්‍රමවේදය භාවිතාකරන ලෙසත් වඩාත් වැදගත් වනුයේ දඩපත්‍රිකා නොලැබෙන පරිදි ආරක්ෂිතව රිය පැදවීම බවත් නියෝජ්‍ය පොලිස්පති W.P.J සේනාධීර මහතා එහිදි ප්‍රකාශ කරන ලදී.

මෙම ක්‍රමය ඔස්සේ දඩ මුදල් ගෙවීම සඳහා ඔබට දඩ පත්‍රිකාව ලබාදෙන පොලිස් නිලධාරියාගෙන් උපදෙස් ඉල්ලා සිටි හැකි අතර ගෙවූ පසු එම අවස්ථාවේදීම ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත හැකිය. අවශ්‍යනම් පසුව අවස්ථාවක ගෙවීම සඳහා https://govpay.lk/si/spot-fine උපදෙස් පරිශීලනය කරමින් කටයුතු කළ හැකි බවත් දැනුම්දෙන්නෙමු.

GOV pay හරහා දඩපත්‍රිකා ගෙවීමේ පහසුකම මීළඟට උතුරු පළාත තුල ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Scroll to Top