විදෙස් කාන්තාකගේ නැති වූ මුදල් පසුම්බිය භාරදීම

අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කාන්තා පොලිස් පරීක්ෂක යමුනා ධම්මිකා කුමාරි එදිරිසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල් 12093 සමන්මලී යන නිලධාරිනියන්, 2025.10.23 වන දින නාරාහේන්පිට තිඹිරිගස්යාය මාර්ගයේ තිබී ඔවුන්ට හමුවූ මුදල් පසුම්බියක් එහි හිමිකාරිය වන බ්‍රිතාන්‍ය ජාතික සබ්‍රිනා කැමරන් මහත්මියට හරි ආකාරාව භාර දීමට ක්‍රියාකළහ.

නිලිධාරිනියන් මුදල් පසුම්බිය හමුවූ අවස්ථාවේදීම අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා මගින් එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුමිත්‍ර ද සිල්වා මහතා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර අධ්‍යක්ෂකවරයා විසින් පසුම්බියේ තිබූ තොරතුරු අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය දැනුවත් කර සබ්‍රිනා කැමරන් මහත්මිය පදිංචි නිවස සොයාගෙන ඇත.

ඒ් අනුව අගමැති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණි සබ්‍රිනා කැමරන් මහත්මියට අධ්‍යක්ෂකවරයා ඉදිරියේ පසුම්බිය සොයාගත් පොලිස් පරීක්ෂක යමුනා ධම්මිකා කුමාරි එදිරිසිංහ නිලධාරිනිය විසින්ම මුදල් පසුම්බිය භාරදී තිබේ.

පසුම්බිය හමුවූ අවස්ථාවේදී එය තුල රුපියල් 6000.00 ක්, ඩොලර් සහ ස්ටාර්ලින් පවුම් යන විදේශ මුදල් තිබී ඇති අතර එම මුළු මුදල් ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂ හයකට ආසන්න වේ. අමතරව දේශීය සහ විදේශීය ක්‍රෙඩිට් කාඩ්පත් කිහිපයක්, ජ්‍යාතන්තර රියදුරු බලපත්‍රය හා හැදුනුම්පත, අත්‍යවශ්‍ය ලියකියවිලි කිහිපයක් තිබී ඇත.

ශ්‍රී ලාංකිකයන්ගේ අවංක ක්‍රියා කලාපය සම්බන්ධව සහ පොලිස් නිලධාරීන් වශයෙන් මෙලෙස ක්‍රියාත්මක වීම සම්බන්ධව සබ්‍රිනා කැමරන් මහත්මිය එම අවස්ථාවේ ප්‍රශංසනීයව අදහස් පළකර ඇති අතර බෙහෙවින් ස්තූතිවන්ත වී ඇත.

Scroll to Top