බදුල්ල සහ මහියංගනය ප්‍රදේශ වල විපතට පත් ජනයා වෙනුවෙන් පෙරට ආ කුට්ටිගල ජනතාවට සහය

ගංවතුරෙන් සහ නාය යාම් වලින් විපතට පත් ආදරණීය ජනතාව සදහා කුට්ටිගල පොලිස් නිලධාරීන්, මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින්ගේ  සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව එක්රැස් කර ගත් ඖෂධ, වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් 2025.12.01 වන දින ඇඹිලිපිටිය නගර සභාවේ ස්ථාපිත කර තිබූ භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත භාරදීම සිදු කරන ලදී. 

මේ සදහා ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුසිත කුමාර මහතා සහ ඇඹිලිපිටිය දිස්ත්‍රික් 1 භාර සහකාර පොලිස් අධිකාරී ඒ.එස් ප්‍රියන්ත මහතා සහභාගි වූ අතර කුට්ටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර රාජපක්ෂ මහතා මෙම සත්ක්‍රියාව සදහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

Scroll to Top