පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ මූලිකත්වයෙන් වෛද්‍ය කදවුරක් සහ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක්.

ජල ගැලීමෙන් විපතට පත් සේදවත්ත ප්‍රදේශයේ ජනතාව රදවා සිටින සේදවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ ස්ථාපිත සුරක්ෂා කදවුරේ සිටින අපේම සහෘද ජනතාව වෙනුවෙන් පවත්වන ලද වෛද්‍ය කදවුරක් අද දින පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ මූලිකත්වයෙන් පැවැත්විණි. 

ඒ සදහා පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාද සහභාගිවූ අතර පොලිස් රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනෙකු සහ හෙද කාර්ය මණ්ඩලයක් මෙම වෛද්‍ය කදවුර සදහා සහභාගි වූහ. මෙහිදී සුරක්ෂා කදවුරේ රදවා සිටි 200 කට ආසන්න අපේම ආදරණීය ජනතාව පරීක්ෂා කරමින් ඔවුන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සහ සෞඛ්‍යමය උපදෙස් ලබාදීමද සිදු කරන ලදී. 

මීට සමගාමීව සුරක්ෂා කදවුරේ රැදී සිටින ජනතාව සදහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක්ද පැවති අතර ඒ සදහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා රාජිත ශ්‍රී දමින්ද, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, නිශාන්ත ද සොයිසා, පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂිකා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මදාරා ආරියරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වන ලදී. 

Scroll to Top