පිස්තෝල අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකා අක්මීමණ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.01.24 වන දින සවස සිදුකළ  වැටලීමකදී නීති විරෝධී ගිනිඅවියක් සහ ජීව පතොරොමක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අම්බලන්ගොඩ පොලිස් වසමේ, වතුගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂාවට ලක් කර ඇත. එම සෝදිසි මෙහෙයුමේදී නිවසේ කාමරයක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ඊට යොදන ජීව පතොරොමක් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් මෙම ගිනිඅවිය වෙනත් පාර්ශවයකට විකිණීම සඳහා සූදානම් කර තිබූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Scroll to Top