කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 400 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

2026.02.15 දින සවස කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් හා ගුවන්තොටුපොල රේගු නිලධාරීන් කණ්ඩායමක් විසින්, බැංකොක් සිට මෙරටට ගුවන් මඟින් පැමිණි සැකකටයුතු කාන්තාවක් පරීක්ෂා කර ඇත. 

එහිදි, ඇය සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 16 යි ග්‍රෑම් 400 ක් සොයා ගෙන ඇති අතර එම සැකකාරිය හා මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකාරිය අවුරුදු 35 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකරුවන් අවුරුදු 27 හා 33 වයස්වල පසුවන කොළඹ 14 හා කොළොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. 

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

වැටලීමට අදාල ජායාරූප කිහිපයක් මේ සමඟ යොමු කරමි.

 
Scroll to Top