නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ හමුව

නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කීරිමේ වැඩසටහනක් 2024.04.21 වන දින උදෑසන ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් නුවරඑළිය සිනිසිටා ක්‍රිීඩාංගණ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මේ සඳහා එම කොට්ඨාසයට ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 1500 කට අධික පිරිසකගේ සහභාගීත්වය හිමිවිය.

සංචාරක පුරවරයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කය තුල යුක්තිය මෙහෙයුමට සමාගාමීව පොලිසිය ගෙනයන වැඩපිළිවෙල සඳහා ප්‍රජා පොලිස් කමිටු සමාජිකයින්ගේ සක්‍රිය දායකත්වයේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කරමින්, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් දිවයිනෙන් තුරන්කිරීම සඳහා මහජනතාවගෙන් ලැබිය යුතු සහය සහ යුක්තිය මෙහෙයුම මේ දක්වා අත්කර ගෙන ඇති සාර්ථකත්වය පිළිබඳව ගරු අමාත්‍යතුමන් සහ පොලිස්පතිතුමන් විසින් එහිදී පැමිණ සිටි පිරිස දැනුවත් කල අතර ඒ සඳහා සහය විය යුතු ආකාරය මෙන්ම දමිල භාෂාවෙන් පොලිසියට තොරතුරු ලබාදිය හැකි “107” කෙටි දුරකථන අංකය පිළිබඳවත් සිහිපත් කරන ලදී.

වැඩසටහන අවසානයේදී සමස්ථ වැඩසටහන සනිටුහන් කරමින් ගරු අමාත්‍යතුමන් සහ පොලිස්පතිතුමන් වෙත සමරු සිහිවටන ප්‍රධානයක්ද සිදුකෙරුනු අතර පොලිස් නිලධරයන්ගේ පහසුව සඳහා පොලිසියට අවශ්‍ය භාණ්ඩ ලබාදීම, අඩු ආදයම් ලාභී පාසල් ළමුන් සඳහා පාසල් බෑග් ඇතුලු උපකරණ ලබාදීම, ආබාධිත අයවළුනට රෝද පුටු බෙදාදීම, යුක්තිය මෙහෙයුම් මැදිරියේ දුරකථන අංකය සඳහන් ස්ටිකර රථ වාහන සඳහා ලබාදීම ගරු අමාත්‍යතුමන් සහ පොලිස්පතිතුමන් විසින් සිදුකරන ලදී..