“Take care, සුරැකෙමු මඟතොට” වැඩසටන් මාලාවේ ප්‍රධාන වැඩමුළුවක් දේවි බාලිකා විද්‍යාලයේදී

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව විසින් සංවිධානය කරනු ලබන “Take care – සුරැකෙමු මඟතොට” දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් ප්‍රධාන වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.05.26 වන දින උදෑසන කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී පැවැත්වුනි.

ජනාධිපති ලේකම්වරයා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ හා රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා විසින් මෙහිදී දේවි බාලිකා විද්‍යාලයේ දරු දැරියන් හා ගුරුභවතුන් Clean Sri Lanka ජාතික වැඩසටහනේ අරමුණ පිළිබඳව හා මාර්ග ආරක්ෂාවේ වැදගත්කම පිළිබඳව පූර්ණ වශයෙන් දැනුවත් කරන ලදී.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරීක්ෂක රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ රථවාහන මූලස්ථානයේ අධ්‍යාපන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රවීන් සුමනරත්න මහතා සහ දමිළ භාෂාවෙන් සංඛ්‍යාලේකන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රවීන් සුමනරත්න මහතා දැනුවත් කිරීමේ දේශන පැවැත්වූ අතර  රථවාහන මූලස්ථානයේ අධ්‍යාපන අංශයේ හා රිය පාසලේ ස්ථානාධිපිත උප පොලිස් පරීක්ෂක දයාල් කාරියවසම් මහතා විසින් සුපුරුදු පරිදි දර්ශනීය මාර්ග ආරක්ෂණ විධි සන්දර්ශනය පවත්වා  මාර්ගයේදී ආරක්ෂාව සහිතව ගමන් ගන්නා ආකාරය ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් පැහැදිලිකරමින් වැඩමුළුව සාරථකව නිමාකරන ලදී.

Scroll to Top