මුලතිව් පොලිස් කොට්ඨාසයට අයත් වැලිඔය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හා පොලිස් ස්ථානයට පැමිණෙන ප්‍රදේශවාසීන්ට ගැටළුවක්ව පැවති සෞඛ්යාරක්ෂිත පානීය ජල ගැටළුව 2026.06.13 වන දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරු පළාත තුළ සිදුකළ නිල සංචාරය අතරතුර නිමා කෙරුණි.
පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීතිඥ නිල්මිණි නීටා සමරතුංග මහත්මියගේ සම්බන්ධීකරණය මත Vaultino LLC (pvt).Ltd ආයතනය හා ව්‍යාපාරික ඉෂාන් අධිකාරි මහතාගේ ධනපරිත්‍යාගයෙන් පොලිස් ස්ථානය පරිශ්‍රයේ ඉදිකළ අංගසම්පූර්ණ ජල පවිත්‍රකරණ යන්ත්‍රයක් පොලිස්පතිතුමා විසින් නිලධාරීන්ගේ හා ජනතාවගේ පරිහරණය කිරීම සඳහා නිල වශයෙන් එදින උදෑසන විවෘත කළේය.
පොලිස් ස්ථානයේ භූමි සීමාවෙන් පිටත සිට පානීය ජලය ලබාගත හැකි පරිදි ජල පවිත්‍රකරණ යන්ත්‍රයෙන් පිරිපහදු කෙරෙන ජලය යොමුකිරීමටද වැලිඔය පොලිස් ස්ථානය කටයුතු සම්පාදනය කර ඇත.
මීට සමගාමීව වැලිඔය කල්‍යාණිපුර විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 126 දෙනෙකු සඳහා අවශ්‍ය පාසල් බෑග් පරිත්‍යාග කිරීම හා ගැබිනි මව්වරුන් සදහා ළදරු උපකරණ කට්ටල බෙදාදිම ද මෙහිදී පොලිස්පතිවරයා අතින් සිදු විය. දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම වෙනුවෙන් මෙම සත්කාරය සංවිධානය කර තිබුණි.
විවෘත කිරීමේ අවස්ථාව ව්‍යාපාරික ඒෂාන් අධිකාරී මහතා වැලිඔය පොලිස් ස්ථානය අයත් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජී.එම්.එච්. බුද්ධික සිරිවර්ධන, නියෝජ්‍ය පොලිස්පති එම්.එන්.එස්. මෙන්ඩිස් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ඒ.ඩී. රත්නවීර,සහකාර පොලිස් අධිකාරී II ආර්.එම්.ඒ ජේ ආරියරත්න, වැලිඔය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩි.එම්.ටි.එස් විජේරත්න යන නිලධාරීන් සමඟ කල්‍යාණිපුර විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් සහ ප්‍රදේශවාසීන් සහභාගී විය.