Jayasinghe – Page 7 – SRI LANKA POLICE

Author name: Jayasinghe

Police News

තල්මසුන්ගේ අම්බර් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – බස්නාහිර පලාත උතුර අපරාධ කොට්ඨාසය.

රාගම පොලිස් වසමේ කැන්දලියද්දපාලුව ප්‍රදේශයේදී බස්නාහිර පලාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.10.25 වන දින වැටලීමක් සිදුකර රුපියල් කෝටි 10 ක් පමණ වටිනාකමින් යුතු නිල් තල්මසුන්ගේ අපද්‍රව්‍යයක් වන අම්බර් කිලෝ 10 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54 ක් වන කැන්දලියද්දපාලුව, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Police News

නිවෙස් බිඳ මුදල් හා දේපල සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

ජා ඇල පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේදී ජා ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු 2024.10.24 වන දින අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුට වැලිසර, මිගමුව, මැදවච්චිය හා කහටගස්දිගිලිය ගරු මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 12 ක් නිකුත් කර තිබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන ගෝනෑව, පණ්ඩුකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිදුකල වැඩිදුර විමර්ශනයේදී සැකකරු විසින් ජාඇල, මීගමුව, පුත්තලම, අනුරාධපුර, තවරක්කුලම හා කල්ලංචිය පොලිස් වසම්වල ත්‍රිරෝද රථ හා යතුරු පැදි සොරකම්, නිවෙස් බිඳ දේපල සොරකම්, කොල්ලකෑම් හා තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදු කිරීම් කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරු බවට අනාවරණය වී ඇත. ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Police News

මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

බුත්තල පොලිස් වසමේ පැලවත්ත ප්‍රදේශයේදී බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.10.24 වන දින ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 56 හා 64 වයස්වල පසුවන බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Uncategorized

තොරතුරක් දන්නේනම් දැනුම් දෙන්න

2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ සිව් දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධව අතුරුගිරිය පොලිස් ස්ථානය හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදුකරමින් පවතී. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර එම සැකකරුවන්ගේ ජායරූප මෙහි දැක්වේ. සැකකරුවන්ගේ විස්තර – 01. සම්පූර්ණ නම – තාරුකර වරුණ ඉන්දික ද සිල්වා නොහොත් සංඛජාතික හැඳුනුම්පත් අංකය – 951350753V 02. සම්පූර්ණ නම – පැටි හරඹගේ අජිත් රෝහණ නොහොත් චණ්ඩිජාතික හැඳුනුම්පත් අංකය – 199207801772ලිපිනය – අංක 655/ඒ, මාකුඹුර, අහුන්ගල්ල 03. සම්පූර්ණ නම – මුතුවාදුර තරිදු මදුසංඛ ද සිල්වා නොහොත් බහිරවයා සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දීමට මහජනතාවට හැකියාව ඇත. දුරකතන අංක –01. ස්ථානාධිපති, අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත දකුණ – 072-422222302. ස්ථානාධිපති, අතුරුගිරිය පොලිස් ස්ථානය – 071-8591657

Notable Services

කොළඹ රථවාහන මූලස්ථානයේ නිලධාරීන් මෙවර ගලහිටියාව මධ්‍යම මහා විද්‍යාලයට

රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතාගේ නායකත්වය සහ අධීක්ෂණය යටතේ සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට සැලසුම්කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ අතිශය කාලෝචිත වැඩසටහන කොළඹ රථවාහන මූලස්ථානය විසින් 2024.09.13 වන ඊයේ දින පවත්වන ලද්දේ ගලහිටියාව මධ්‍යම මහා විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙනි. ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද ඇසුරින් රථවාහන හැසිරවීමේ දැනුම මෙන්ම ආරක්ෂාවීමේ මාර්ග නීති පිළිබද දැනුම විද්‍යාලයේ ප්‍රධාන දේශන ශාලාවට එක්රැස් වූ පාසලේ රිය නියාමක සිසුන් ප්‍රධානව සිසු සිසුවියන් 500 දෙනෙකු සඳහා නොයෙක් ඉගැන්වීම් විධික්‍රම භාවිතා කරමින් ආකර්ශනීයව ලබාදීමට කොළඹ රථවාහන මූලස්ථානයේ ප්‍රවීණ දේශක උප පොලිස් පරීක්ෂක දයාල් කාරියවසම් මහතා එහිදී කටයුතු කර ඇත. මෙම වැඩසටහන සඳහාද ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් (Fairfirst Insurance) පුද්ගලික ආයතනය සාදර අනුග්‍රහය ලබාදී ඇති අතර, ඒ් යටතේ මෙවරත් දේශනයේදී රථවාහන පොලිස් නිලධාරීන් යොමුකළ ප්‍රශ්න සදහා නිවැරදි පිළිතුරු ලබාදුන් පාසල් සිසු සිසුවියන් වෙත රථවාහන මූලස්ථානයේ නිලධාරීන් වටිනා ත්‍යාග ප්‍රධානය කර තිබේ.

Special Events

2024 සමස්ත ලංකා පොලිස්පති කුසලාන ජාතික ශිෂ්‍යභට කඳවුර සාඩම්බරව විසිරයයි

දිවයිනේ පාසල් 600 ක පමණ සංඛ්‍යාවක් අතරින් 2024 සමස්ථ ලංකා පොලිස්පති කුසලාන ජාතික ශිෂ්‍යභට කඳවුරට සහභාගී වීමට වරම් ලද පාසල් 60 ක ශිෂ්‍ය භට/ භටවියන් 1500 දෙනෙකු 2023.10.17 වන දින කළුතර පොලිස් විද්‍යාලයට ඇතුලත්ව ආත්ම විස්වාස වර්ධන පරීක්ෂණය, ශාරීරික අභ්‍යාස පරීක්ෂණය, ඝන සරඹ පරීක්ෂණය, විවිධ ප්‍රසංග පරීක්ෂණය,අධ්‍යක්ෂ පරීක්ෂණය, ඉදිරිපත්කිරීමේ පරීක්ෂණය, භට නිවාස පරීක්ෂණ යන පරීක්ෂණයන් සඳහා දින 07 ක කාලයක් පෙනී සිටියහ. එසේ කඳවුරේ පුහුණුව සාර්ථකව නිමාකොට පදක්කම් සහ ලාංඡන පළදාගෙන නැවතත් ඔවුන්ගේ විදුහල වෙත අභිමානවත්ව විසිර යාම සඳහා වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාගේ මනා සංවිධානයෙන් පැවැත්වූ උත්සවය කළුතර පොලිස් විද්‍යාලයේ අළුවිහාර ක්‍රීඩාංගණයේදී 2024.10.24 වන දින උදෑසන උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. නෙදර්ලන්ත අසුපිට නැගි ප්‍රධාන අණදෙන නිලධාරී පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතාගේ සහ දෙවන අණදෙන නිලධාරී ලෙස කටයුතු කල පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ප්‍රේමරත්න නිලධාරියාගේ මෙහෙයවීම යටතේ සියලු දෙනාගේ නෙත් සිත් ඇඳ බැඳ ගත් ගත් ඇණි 28 කින් සමන්විත සම්මාන පෙළපාලියක් ඉදිරිපත් කර සම්භාවනීය ආරාධිත අමුත්තන් වෙත උත්තමාචාර දැක්වූ ශිෂ්‍ය භට/භටවියන් එහිදී තම ඇණි වශයෙන් හා පුද්ගලිකව දැක්වූ දක්ෂතා සඳහා සම්මාන හා සහතිකපත් ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ සුරතින් ලබාගන්නා ලදී. එහිදී කඳවුරට සහභාගී වූ පාසල් 60 අතරින් ශිෂ්‍යභට බාලක ශූරතාවයට හිමි කුසලානය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය දිනාගත් අතර අනුශූරතාවය හිමි කුසලානය දිනාගනු ලැබූයේ මාතර රාහුල විද්‍යාලයයි. ශිෂ්‍යභට බාලිකාවියන්ගේ ශූරතාවය කුලියාපිටිය විශාකා විද්‍යාලය දිනාගත් අතර එහි අනුශූරතාවය කුලියාපිටිය සුරදූත බාලිකා මහා විද්‍යාලය දිනාගන්නා ලදී. උත්සව අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සැපැමිණි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම පොලිස් ශිෂ්‍යභට කොට්ඨාස අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතා උත්සවය අමතමින් විවිධ දුරාචාරයන්ට හුරු වන තරුණ පරපුර විනය ගරුක, නීති ගරුක, සෞඛ්‍ය සම්පන්න කිරීම උදෙසා ඉවහල් වන පොලිස් ශිෂ්‍ය භට කඳවුර වෙත යොමු කළ ගුරු, දෙගුරුන් වෙත හා කැපවීමෙන් පුහුණු වීම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ස්තූතිය පුද කලහ. විසිරයාමේ උළෙල නිමා කරමින් සංස්කෘතික කොට්ඨාසයේ නර්ථනාංගයන්ගෙන් සහ ශිෂ්‍යභට තූර්ය වාදන වෘන්දයන්ගෙන‍් තව තවත් වර්ණවත් වූ මෙම උත්සවයේ සියළුම අවස්ථා පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් පොලිස් විශේෂ කාර්යය බලකාය, පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය, තොරතුරු තාක්ෂණ කොට්ඨාසය සහ පොලිස් සන්නිවේදන කොට්ඨාසය හා සුසංයෝගීව SRI LANKA POLICE නිල FACEBOOK පිටුව හරහා සජීවීව විකාශය කළහ. නව යොවුන් වියේ පසුවන පාසල් සිසුන් ශිෂ්‍ය භටයින් ලෙස දක්වන හැකියාවන් සියසින් දැක බලාගැනීම සඳහා මෙම උත්සවයට ආරාධනා පරිදි හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩිය ජි. එස් පොන්සේකා, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, සහයක සේවා දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද සිල්වා, අපරාධ දිසාව භාර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ආගමික නායකයින්, විදුහල්පතිවරුන් වැනි රජයේ නිලධාරීන් , දෙමව්පියන් ඇතුලු පාර්ශව රැසක් පැමිණ සිටියහ.

Special Events

කාසල් වීදියේ කාන්තා ශික්ෂණ රෝහලට විධිමත්ව ඉදිකල නව රෝහල් පොලිස් මුරපළක්

කොළඹ 08 පෙදෙස කාසල් විදියේ කාන්තා රෝහල ඉදිරිපිට ක්‍රමවත්ව ඉදිකළ නව පොලිස් මුරපළ 2024.10.22 වන දින උදෑසන සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළේය. වෛද්‍ය සේවා ලබාගැනීමට පැමිණෙන කාන්තාවන්ගේ මෙන්ම දිනකට රෝගීන්ගේ සුවදුක් විමසීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා, හදිසි අවස්ථාවක රැදී සිටීම සහ අත්‍යවශ්‍ය පොලිස් සේවා සඳහා ක්‍රමවත්ව ඉදිකළ මෙම රෝහල් පොලිස් මුරපොල මින් ඉදිරියට අතිශය වැදගත් වනු ඇති බව ප්‍රකාශ කරමින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ කාන්තා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධරයන් ඇතුලු කාර්යය මණ්ඩලය අදහස් දැක්වූහ.

Special Events

උතුරුමැද පළාතට පරිගණක අපරාධ කොට්ඨාසයේ උප ඒකකයක්

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ උතුරුමැද පළාත් උප ඒකකය ස්ථාපිත කිරීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානය තුල ඉදිකල නව ගොඩනැගිල්ල වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.10.20 වන අද දින විවෘත කරල ලදී. දෙස් විදෙස් පරිගණක අපරාධකරුවන් අන්තර්ජාලය භාවිතයෙන් මාර්ගගත (Online) ක්‍රමයන් ඔස්සේ සිදුකරන මුදල් වංචා කිරීම්, දත්ත සොරාගැනීම්, පිරමීඩ මූල්‍ය ක්‍රම වැනි විවිධ වූ අපරාධයන්ට ගොදුරු වන උතුර මැද පළාත තුල හා ඊට ආසන්න ප්‍රදේශයන්හි වෙසෙන මහජනතාවට පැමිණිලි ඉදිරිපත්කිරීමට මෙන්ම තොරතුරු ලබාදීම පහසුකිරීම මෙම උප ඒකකය විවෘත කිරීමේ මූලික පරමාර්ථයයි. අනතුරුව පොලිස් නිළධාරින්යේ මානසික සුවය සදහා බිලියටි ක්‍රිඩාවේ නිරතවිය හැකිවන සේ එම පරිශ්‍රයේ ඉදිකල ගොඩනැගිල්ල විවෘත කළ පොලිස්පතිතුමන් උතුරු මැද පළාතේ රාඡය නිවේදිත නිළධාරින් හා පොලිස් ස්ථානාධිපතිවරුන් සමඟ අනුරාධපුර චාවකචිචෙිරිය පොලිස් ස්ථානය තුලදී ප්‍රදේශයේ නීතිය සහ සාමය සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ සහ එහි ප්‍රගතිය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක නිරතවිය.

Special Events

උතුරේ කතුන්ගේ, ළමුන්ගේ ආරක්‍ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහායි

ළමුන් සහ කාන්තාවන් සම්බන්ධව අපරාධ වාර්ථාවීම අවම කිරීම සඳහා ප්‍රමුඛ අවධානයක් යොමුකරමින් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සෑම පොලිස් ස්ථානයක් තුලම විධිිමත්ව පොලිස් ළමා හා කාන්තා කාර්යංශ පවත්වාගෙන යාම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකය. සිංහල සහ දෙමළ භාෂා මනාව හැසිරවිය හැකි නිලධරයන් රාජකාරි අනුයුක්ත කරමින් ළමුන් සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා මෙන්ම අපරාධ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ඒ අනුව උතුරු පළාත සම්බන්ධයෙන් සකස්කර ක්‍රියාත්මක අතර ඊට සමගාමීව ළමා හා කාන්තා කාර්යංශ පවත්වාගෙන යාම සඳහා උතුරු පළාත තුල ප්‍රධාන පොලිස් ස්ථාන කිහිපයක විධිමත් ගොඩනැගිලි ඉදිකර අවසන්ය. එලෙස සැලසුම් කර ක්‍රියාත්මක එම වැඩපිලිවෙලෙහි ප්‍රගතිය අධීක්ෂණය කරමින් වව්නියාවෙ පොලිස් කොට්ඨාසයේ ඕමන්තේ පොලිස් ස්ථානය තුල හා යාපනය පොලිස් කොට්ඨාසයේ කාවකච්චේරි පොලිස් ස්ථානය තුල ඉදිකල නව ළමා හා කාන්තා කාර්යංශ ගොඩනැගිලි විවෘත කිරීම වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.10.19 වන දින සහ 2024.10.20 වන දින සිදුකෙරුනි.

Notable Services

මහජන සහන දිනය අදත්

තම ගැටළු සදහා ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් ලබාදුන් විසඳුම් පිළිබඳව සෑහීමකට පත් නොවූවන් සහ විසදූම් ලැබීමට ප්‍රමාදවූවන් එම ගැටළු පිළිබඳව පොලිස්පතිතුමා වෙත සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත සෘජුව පැවසීම සඳහා පොලිස් මූලස්ථානය වෙත අද දිනයේද (18) ඒකරාශී විය.රජයේ නිවාඩු දින හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා මහජන සහන දිනය පැවැත්වෙන අතර අද දිනයේ ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව නිමාකරන ලදී. ඔබේ ගැටළුවට නිසි විසදුම් ලබා දීමට සහ පැමිණිලි ලිඛිතව සටහන් කරගෙන අදාළ අංශ වෙත කඩිනමින් යොමුකිරීම සඳහා මීලඟ සිකුරාදා දිනයේත් වැඩබලන පොලිස්පතිතුමා සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.

Scroll to Top