Missing Person
තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න
2023.12.30 වන දින සිට තම බිරිඳ අතුරුදන්ව ඇති බවට එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මත්තේගොඩ පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත මත්තේගොඩ පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඔබ මෙම කාන්තාව පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංකයන්ට එම තොරතුරු ලබා දෙන්න. අතුරුදන් වූ කාන්තාවගේ විස්තරය‍නම :- වික්‍රමසිංහ ආරච්චිගේ දුලානිවයස :- අවුරුදු 59ලිපිනය :- 06 බී /46 /02 ජාතික නිවාස සංකීර්ණය, මත්තේගොඩරූප විස්තර :- ‍ අඩි 05 යි, තලෙළු සාමාන්‍ය සිරුරැති, කොණ්ඩය දිගට වවා පිටුපසට පීරා ඇත. දුරකතන අංක :- ස්ථානාධිපති / මත්තේගොඩ – 071 8592207
නිවෙස් අතහැර ගොස් ඇති ළමුන් සිව් දෙනෙකු සොයා පොලිස් විමර්ශන
ග්‍රේට්වෙසටන් වත්ත, තලවකැලේ ප්‍රදේශයේ පදිංචි පවුල් තුනකට අයත් වයස අවුරුදු 14 ක් වූ පිරිමි දරුවෙක් සහ වයස අවුරුදු 16 ක් වූ ගැහැණු දරුවන් තිදෙනෙකු තම නිවෙස් අතහැර පිටවගොස් තිබේ. ග්‍රේට්වෙස්ටන් පාසල වෙත අමතර පංති සඳහා පිටත්ව ගොස් නැවත නිවෙස් කරා පැමිණ නැති ඔවුන් නිවෙස් අතහැර යන බව දුරකථන ඇමතුමකින් නිවැසියන් දැනුවත් කර ඇති අතර ගමනාන්තයක් පිළිබඳව සඳහන් කර නොමැත. පිටවගොස් ඇති දිනය ලෙස වාර්තා වී ඇත්තේ 2024.07.14 වන දින උදෑසනය. -ළමුන් පිළිබඳ විස්තර- (01) මුරලි ක්‍රිෂ්ණන් ලක්ෂිකා වයස අවුරුදු 16 යි (ස්ත්‍රී) – උස අඩි 05 අගල් 01 – කෙට්ටු, තලෙලු අවසන් වරට ඇඳ සිටි ඇදුම – රතු පැහැ කමිසයක්,…
තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න
අතුරුදහන් බවට පැමිණිල්ලක් ලැබී ඇති, ඡායාරූපයේ දැක්වෙන කාන්තාව හා ඇගේ දියණිය සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි අතුරුදහන් වූ අයගේ විස්තර කාන්තාව :- යසෝධා හංසනි කහතුඩුව ආරච්චි වයස :- අවුරුදු 26 දියණිය :- චතූර්යා ටොෂිනි ලියනගේ ප්‍රනාන්දු වයස :- අවුරුදු 04 මොවුන් වෙසෙන යම් ස්ථානයක් පිළිබඳව හෝ මෙම අතුරුදහන්වීම සම්බන්ධයෙන් යම් තොරතුරක් ඔබ දන්නේ නම් නොපමාව පහත සඳහන් දුරකථන අංක අමතා දැනුම් දෙන්න දුරකතන අංක – 1. ස්ථානාධිපති කටුනායක – 071-8591639 2. පොලිස් ස්ථානය කටුනායක – 011-2252222