නව යන්ත්‍ර 04ක් සමග අංග සම්පූර්ණ රුධිර කාන්දුකරණ ඒකකයක් පොලිස් රෝහලට.

පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි පොලිස් නිලධරයන් වැඩි පිරිසකට ප්‍රමාදයකින් තොරව ප්‍රථිකාර ලබා දීමේ හැකියාව උදාකරමින් නාරාහේන්පිට ශ්‍රී ලංකා පොලිස් රෝහල සතුව ඇති රුධිර කාන්දුකරණ යන්ත්‍රයට අමතරව තවත් නව යන්ත්‍ර 04ක් එකතු කර අංග සම්පූර්ණ රුධිර කාන්දුකරණ ඒකකයක් පොලිස් රෝහල තුල ස්ථාපිත කිරීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහයක සේවා) රන්මල් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට පොලිස් රෝහලේ දී 2023.06.15 වන ඊයේ දින සිදුකෙරිණි.

B-BRAUN පුද්ගලික ආයතනය, “සසුන හරිමඟ” සම්මන්ත්‍රණ සභාව සහ විශ්‍රාමික රාජ්‍ය නිවේදිත නිළධාරීන්ගේ සංගමය විසින් මෙම පරිත්‍යාගය සදහා දායකත්වය ලබා දී ඇති අතර ඒ සදහා මූලිකත්වයගත් B-BRAUN පුද්ගලික ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය නතාලී ඇන්ඩ්‍රි මහත්මිය සහ “සසුන හරිමඟ” සම්මන්ත්‍රණ සභාවේ සභාපති ඩබ්.එම්.එස්.එල්.වික්‍රමආරච්චි යන මහත්ම මහත්මීන්ද, විශ්‍රාමික රාජ්‍ය නිවේදිත නිළධාරීන්ගේ සංගමයේ සභාපති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සරත් ලූගොඩ මහතා සහ සුභසාධක දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මිය, පොලිස් රෝහලේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.සී.බමුණුආරච්චි මහතා, වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෛද්‍ය චාමේන්ද්‍ර රණසිංහ යන මහත්ම මහත්මීන් මෙම පරිත්‍යාගය ලබා දීමේ උත්සව අවස්ථාවට සහභාගී විය.