ඇසළ පෙරහැරට සමගාමීව පොලිස් ජීවිතාරක්ෂක රාජකාරි.

කතරගම ඇසළ පෙරහැරට සමාගමීව දෙස් විදෙස් බැතිමතුන් හා සංචාරකයින් විශාල ප්‍රමාණයක් කතරගම පුදබිම ආශ්‍රිත ප්‍රදේශයන්හි ජලාශ සහ මුහුදු තීරයන් ආශ්‍රිතව දියනෑම සිදුකරනු ලබන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40 කට අධික පිරිසක් පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි රාජකාරි යොදවා ඇත.
එම නිලධාරීන් නිරන්තරයෙන් මුර සංචාරයේ නිරතවෙමින් ඔබගේ ආරක්ෂාව පිළිබඳ විමසිලිමත් වූවත් ඔබ නොසැලකිලිමත් වන එක් අවස්ථාවකින් ක්ෂණයෙන් ඔබගේ හා ඔබේ ආදරණීයන්ගේ වටිනා ජීවිතය අකාලයේ අහිමිව යාමට ඉඩ ඇත. එබැවින් ආරක්ෂාව පළමුකොට සිහිතබාගෙන කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.