කුලියාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ දින (25) සවස උණලීය, කිතලව ප්‍රදේශයේ වැටලීම් 02 ක් සිදුකර ගෝඩා ලීටර් 9078 (බැරල් 50) ක් , ගෑස් සිලින්ඩර් 03 ක්, ගෑස් ලිප් 03 ක් හා තඹ දඟර 06 ක් සමඟ සැකකරුවෙකු ද, නීති විරෝධී මත්පැන් ලීටර් 810 ක් සමඟ සැකකාරියක් ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 32 ක් වන ගලහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය වයස අවුරුදු 50 ක් වන ඒකල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
