බන්ධනාගාර නියාමකවරයාට පහරදීමේ සිද්ධියට අදාළ සැකකරුවන් ගිනි අවිත් සමඟ නුවරඑළියේ දී අත්අඩංගුවට.

2022.05.12 වන දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසට ඇතුළු වූ පිරිසක් එම බන්ධනාගාර නියාමකවරයාට ගිනි අවියකින් සහ අතින් පයින් පහරදී තුවාල සිදු කිරීමක් සම්බන්ධව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කරන ලදී.

ඒ අනුව 2022.06.28 දින නුවරඑළිය, ග්‍රෙගරිවැව ආසන්නයේ ලැඟුම් හලක සිටිය දී සිද්ධියට සම්බන්ධ යුධ හමුදා කපිතාන්වරයෙකු සහ තවත් සැකකරුවෙකු, අංකය මකා දමන ලද T56 ගිනි අවියක්, එයට යොදන පතරොම් ගැබක් සහ ටී 56 අවියට යොදන පතරොම් 138 ක්, මෙන්ම පිස්තෝල අවි 02 ක්, එම පතරොම් ගැබ් 03 ක් සහ පතරොම් 29 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් T56 ගිනි අවිය හෝමාගම පොලිස් වසමේ නියඳගල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යොදාගත් ගිනි අවිය බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී තහවුරු වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 හා 39 වයස් වල පසු වන බියගම හා අතුරුගිරිය ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.

VEDIO LINK – https://www.facebook.com/2095754130735409/videos/189065197466257257

https://www.facebook.com/2095754130735409/videos/189065197466257257