කලපලුවාව නිවසක් බිඳි සැකකරුවන් අල්ලයි. සොරකම් කල දේපල වටිනාකම කෝටි දෙකකට අධිකයි.

2023.08.08 වන දින කලපලුවාව ප්‍රදේශයේ නිවසක් බිඳ සිදුකළ ලක්ෂ 268ක පමණ වටිනාකමින් යුත් මුතු, මැණික්, රන් භාණ්ඩ ඇතුළු තවත් දේපල සොරකමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කළ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දින (15) උදෑසන කාලයේ වැලිකඩ මණ්ඩාවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් විසින් සොරකම් කරන ලද දේපල වලින් විවිධ ප්‍රමාණයේ මැණික් ගල් 924ක්, රන්මාල 05ක්, පිත්තල භාණ්ඩ කිහිපයක්,ලැප්ටොප් පරිඝණක 01ක් ඇතුළු තවත් රන් ආභරණ ඇතුළු දේපල සොයාගෙන වැලිකඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුව‌ට ගත් සැකකරුවන් අවුරුදු 25 හා 30 යන වයස් පසුවන තලංගම උතුර හා මාලඹේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් හා දේපල සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය හා වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.