අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ක් ප්‍රවාහනය කරමින් සිටි තරුණයෙක් අත්අඩංගුවට.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 06 ක් සන්තකයේ තබා ගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 23ක තරුණයෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ දින (15) දහවල් පෑලියගොඩ වනවාසල ප්‍රදේශයේදීඅත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු දිප්පිටිගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   

විදේශගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයින් විසින් මෙරට සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය අඛණ්ඩ මෙහෙයුම් සිදුකරන අතර එමගින් අනාවරණය කරගත් තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.