විකල්ප මාර්ගයන් භාවිතා කර ගමන් පහසුව සලසා ගන්න


බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික මහා පෙරහර 2023.08.17 වන දින සිට 2023.08.20 වන දින දක්වා රාත්‍රී 07.00 ට බෙල්ලන්විල විහාරස්ථානයෙන් ආරම්භ වී විථි සංචාරය කිරීමට නියමිතය.
පෙරහර ගමන් ගන්නා කාලය තුල පහත මාර්ග වසා තබන බැවින් විකල්ප මාර්ග ලෙස දක්වා ඇති මාර්ග භාවිතා කර ගමන් පහසුව සලස ගන්නා මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

  1. 2023.08.17 වන දින රාත්‍රී 0700 ට සිට රාත්‍රී 1000 දක්වා අංක 119 මහරගම දෙහිවල බස් මාර්ගයේ බොරලැස්ගමුව නගරයෙන් හා බෙල්ලන්තර හංදියෙන් වසා තැබීමට නියමිතය.

විකල්ප මාර්ග :-
• මහරගම, පිළියන්දල කොළඹ දෙස සිට දෙහිවල දෙසට ගමන් කරන ඔබට 119 මාර්ගයේ ගමන් කර පැපිලියාන මංසන්දියෙන් වමට හැරි කීල්ස් හන්දියෙන් නැදිමාල හරහා දෙහිවල දෙසට ගමන් කළ හැක.
• බොරලැස්ගමුව හා ගාලුපාර සම්බන්ධ කරන වේරහැර හන්දියෙන් ගංගාරාම මාර්ගය ඔස්සේ ගොළුමඩම හන්දිය දක්වා ගමන් කළ හැක.

  1. 2023.08.18 වන දින රාත්‍රී 0700 ට විහාරස්ථානයෙන් ආරම්භ කරන රන් සීවලී පෙරහැර අංක 119 මහරගම දෙහිවල මාර්ගය, සෝමරතන මාවත සහ විහාර මාවත යන ප්‍රදේශ වල සංචාරය කර අළුයම 0200 ට විහාරස්ථානයට පැමිණෙන බැවින් එම කාලය තුල පෙරහැර ගමන් කරනා ප්‍රදේශයේ මාර්ගය වසා තැබෙනු ඇත.

විකල්ප මාර්ග :-
• මහරගම – පිළියන්දල දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා ඔබට පැපිලියාන මංසන්දියට ගොස් වමට හැරි ගාලු පාරට පැමිණ දෙහිවල දෙසට ගමන් කළ හැක.
• දෙහිවල රත්මලාන දෙස සිට මහරගම බොරලැස්ගමුව දෙසට පැමිණෙන ඔබට බෙල්ලන්තර හන්දියෙන් වමට හැරී පැපිලියාන හන්දියෙන් 120 මාර්ගයට පැමිණ බොරලැස්ගමුව, මහරගම හා පිළියන්දල දෙසට ගමන් කළ හැක

  1. 2023.08.19 වන දින රාත්‍රී 0700 ට විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන රන්දෝලි පෙරහර අංක 119 මහරගම දෙහිවල මාර්ගය, බෙල්ලන්තර හංදිය, කීල්ස් හංදිය සහ විහාර මාවත යන ප්‍රදේශවල වීදී සංචාරය කර නැවත අළුයම 0300 ට විහාරස්ථානයට පැමිණීමට නියමිතය.

එබැවින් එම කාලය තුල බොරලැස්ගමුව හන්දිය, බෙල්ලන්තර හන්දිය, කීල්ස් හන්දිය, අත්තිඩිය හංදිය, නැදිමාල හංදිය, පැපිලියාන හංදිය, විහාර මාවත යන ස්ථාන වලින් මාර්ගය වසා තැබීමට නියමිතය.
විකල්ප මාර්ග :-
• මහරගම – පිළියන්දල දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා ඔබට පැපිලියාන මංසන්දියට ගොස් වමට හැරි ගාලු පාරට පැමිණ දෙහිවල දෙසට ගමන් කළ හැක.
• දෙහිවල රත්මලාන දෙස සිට මහරගම බොරලැස්ගමුව දෙසට පැමිණෙන වාහන දෙහිවලින් ගාලු පාර ඔස්සේ විලියම් ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය අසලින් කොහුවල දෙසට පැමිණ දකුණට හැරී බොරලැස්ගමුව මහරගම දෙසට ගමන් කළ හැක. (ගුවන් පාලම හේතුවෙන් බර වාහන සඳහා මෙම මාර්ගය භාවිතා කළ නොහැක.)
• දෙහිවල සිට පැපිලියාන දෙසට පැමිණෙන වාහන ඇන්ඩසන් පාරෙන් වමට හැරි කොහුවල හන්දියට ගමන් කර කොළඹ, බොරලැස්ගමුව, නුගේගොඩ දෙසට ගමන් කළ හැක.
• ඉහත කාල සීමාව තුළ හොරණ, පිලියන්දල, කැස්බෑව හා මහරගම දෙස සිට පැමිණෙන වාහන ගාලු පාර දක්වා ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම් සහ ගාලු පාර, ගල්කිස්ස, මොරටුව, පානදුර හා රත්මලාන දෙස සිට පැමිණෙන වාහන සඳහා පිළියන්දල, මහරගම හා කැස්බෑව දෙසට ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම් විකල්ප මාර්ගයක් ලෙස ගංගාරාම බොරුපන මාර්ගය භාවිතා කළ හැක.
මෙම පෙරහැර පවත්නා කාලය තුල හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කිරීම තුලින් ඔබට අවහිරයකින් තොරව ඔබේ ගමනාන්තයට පහසුවෙන් ලඟා වීමට හැකියාව ලැබෙනු ඇත.