NINE-A-SLIDE COLTS අභියෝගිතා තරඟාවලියේ අනුශූරතාවය පොලිස් හොකී කණ්ඩායමට

කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් ප්‍රථම වතාවට සංවිධානය කළ NINE-A-SLIDE COLTS අභියෝගතා හොකී තරඟාවලිය 2023.08.19 සහ 20 දෙදින පුරා බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

මෙම තරඟාවලිය සඳහා දිවයිනේ පිරිමි හා කාන්තා හොකී කණ්ඩායම් 24 ක් සහභාගී වූ අතර එම කණ්ඩායම් අතුරින් පිරිමි අංශයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගෙන තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට උප පොලිස් පරීක්ෂක සඳරුවන් ක්‍රීඩකයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොලිස් හොකී කණ්ඩායම සමත් විය.