රන් ලෝකඩ පදක්කම් පැළදුනු පොලිස් ක්‍රීඩකයන්

2023.07.28 වන දින සිට දින 03ක් පුරා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති 2023 ජාතික ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේදී රන් හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්ත ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් සමත් විය

මීටර් 5000 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය උප පොලිස් පරීක්ෂක දමිත් හේමන්ත කුමාර නිලධාරියා විනාඩි 17 තප්පර 21 දශම 67ක කාලයක් වාර්තා කරමින් හිමිකරගත් අතර යගුලිය විසිකිරීමේ කාන්තා ඉසව්වේ තෙවන ස්ථානය මීටර් 11 සෙන්ටිමීටර් 70ක දුරක් යගුලිය විසිකර දිනා ගැනීමට කා.පො.සැ 3310 ප්‍රියංගිකා කුමාරි නිලධාරිනියට හැකිවුනි.

දිවයිනේ විවිධ ප්‍රදේශ හා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 ක් සමඟ ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩකයින් 17 දෙනෙකු මෙම තරඟාවලියේ ජය සොයා තරඟවැදුනි.