පොලිස් බොක්ෂිං පදක්කම් එකතුවට රන් පදක්කමක් එකතු වූ වගයි

ශ්‍රී ලංකා බොක්ෂිං සංගමය මගින් සංවිධානය කරනු ලැබූ “ 2023 අන්තර් මධ්‍ය බොක්ෂිං තරඟාවලිය සඳහා ක්‍රීඩාකල ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක්, රිදී පදක්කමක් සමගින් ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට සමත්විය.
තරඟාවලිය කොළඹ රාජකීය විද්‍යාලීය මාස් බොක්ෂිං එරීනා කවයේදී 2023.08.22 සිට දින තුනක් පුරා පැවැත්වුනු අතර බොක්ෂිං ක්‍රීඩා සමාජ 12 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 120 ක් මෙම තරඟාවලියේ ජය සොයා තරඟවැදුණි.
ඒ අතරින් ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සටන් බිමට පිවිසි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ කා.පො.කො 12988 ජි.ඩබ්.ජි.සි තාරුකා නිලධාරිනිය රන්පදක්කමක්ද , කොන්ත්‍රාත් ක්‍රීඩක ආර්.ඒ.ඩී මධුසංක ක්‍රීඩකයා රිදී පදක්කමක් සමගින් දක්ෂතම පරාජිතයාට හිමි සම්මානයද,
පො.කො 90870 ආර් පචේන්ද්‍රන්, කා.පො.කො 12652 බී.එම්.එම්.ඒ ගුණතිලක, කොන්ත්‍රාත් ක්‍රීඩක ජේ.ඒ.එන්.ටී නෙත්මින යන ක්‍රීඩකයින් ලෝකඩ පදක්කම්ද දිනාගැනීමට සමත්විය.