පොලිස් නිලධරයෙකු ජාත්‍යන්තර තරගාවලියක මුල්පෙළ දස්කම් අතර

ලෝක දුනු විදීමේ ආසියානු සංගමය මගින් සංවිධානය කල ආසියානු පුහුණු වැඩමුළුව සහ 2023 අභියෝගතා දුනු විදීමේ ආසියානු තරඟාවලිය රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 75 කගේ සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ චොන්ජු නගරයේදී 2023.08.21 දින සිට 2023.08.25 දින දක්වා පැවැත්වීය.
මෙම ජාත්‍යන්තර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික දුනු විදීමේ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් තිදෙනෙකු සහභාගී වූ අතර ඉන් එක් ක්‍රීඩකයෙකු වීමට භාග්‍ය ලැබූ ශ්‍රී ලංකා පොලිස් දුනු විදීමේ කණ්ඩායමේ ක්‍රීඩක පොලිස් පරීක්ෂක ඒ.වී.එස්.සී. අබේගුණසේකර නිලධාරියා මෙම තරඟාවලියේ මීටර් 70 ඒකල දුනු විදීමේ ඉසව්වේ 17 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය. එම ඉසව්වට ක්‍රීඩනයන් 43 න් දෙනෙකු තරඟවැදුණි.