පොලිස් විශේෂ කාර්යය බලකා 39 වන රණවිරු ගුණානුස්මරණය

පොලිස් විශේෂ කාර්ය බලකායේ 39 වන ගුණානුස්මරණ උත්සවය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් පී. වියාණි ගුණතිලක මහතා හා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.09.01 වන දින උදෑසන කටුකුරුන්ද විශේෂ කාර්යය බලකා පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වුණි.

පොලිස් විශේෂ කාර්යය බලකායේ අභිමානවත් ඉතිහාසයේ ක්‍රියාන්විතයක් අතරතුර විශේෂ කාර්යය බලකා නිළධාරීන් සිව් දෙනෙකු මියගිය 1984 සැප්තැම්බර් මස 01 දින පටන් මේ දක්වා රට දැය වෙනුවෙන් දිවි පිදූ නිළධාරීන් සිහිකර මෙම රණවිරු ගුණානුස්මරණ උත්සවය වාර්ෂිකව ඉමහත් භක්ති ආදරයෙන් පවත්වනු ලබයි.