ඝාතනයක් සිදුකළ සැකකරුවන් හදුනාගැනීමට මහජන සහය අවශ්‍යයි.

නාදුනන පුද්ගල කණ්ඩායමක් විසින්  2023.08.22 වන දින හපුතලේ පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සමගින් තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල කිරීමක් සිදුකර පලා යන ලදී. එම අපරාධය සිදුකල සැකකරුවන් පැමිණි මොටර් රථය දර්ශනය වන මෙම සී.සී.ටී.වී. දර්ශන නරඹා, මෙවැනි මෝටර් රථයක එම ප්‍රදේශයේ සැරිසැරූ සැකකටයුතු පුද්ගලයින් පිරිසක් සම්බන්ධව යම් තොරතුරක් ඔබ දන්නේ නම් පහත දුරකථන අංක අමතා දැනුම් දෙන්න.

(සී.සී.ටී.වී. දර්ශණ වල ඇතුලත් මෝටර් රථයෙහි ලියාපදිංචි අංකය ව්‍යාජ අංකයක් බවට අනාවරණය වී ඇත.)

දුරකථන අංක –

ස්ථානාධිපති / පොලිස් ස්ථානය දියතලාව              :-     071 – 8591531

බණ්ඩාරවෙල කොට්ඨාස මෙහෙයුම් මැදිරිය      :-       057 – 2222260 / 057 – 2231612