සත්‍ය තොරතුරක් ලබා දෙන්නෙකුට ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තතුමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන සැකකරු 2023.09.10 වන දින එම අත්අඩංගුවෙන් මිදී පලා යාම සඳහා උත්සාහ කල අතර ඒ සඳහා අවස්ථාව සලසමින් උපකාර කල බවට සැකකෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් 97402 මුනිපාලගේ රවිඳු සංදීප ගුණසේකර නිලධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා අඛන්ඩව විමර්ශන ක්‍රියාත්මකයි.

එම විමර්ශනයන්ට අදාලව පලා ගොස් සැඟව සිටින පහත ඡායාරූපයේ සිටින නිලධාරියා පිළිබඳව සත්‍ය තොරතුරක් ලබා දෙන පුද්ගලයකු හට තොරතුරෙහි රහස්‍යභාවය සුරකිමින් පොලිස් මූලස්ථානය විසින් රුපියල් ලක්ෂ 25 ක (රු.2,500,000/=) ත්‍යාග මුදලක් පිරිනැමීමට නියමිතයි.

දුරකථන අංක :-

ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය

සහකාර පොලිස් අධිකාරි :- 071 – 8591960
ස්ථානාධිපති විමර්ශන අංශ (I) :- 071- 8596150