විෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ‘යුක්තිය’මෙහෙයුම ඇරඹේ

මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ‘යුක්තිය’ විෂ මත් ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් මත වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජාලයන් මර්දන කර ඔවුන් අත්අඩංගුවට ගනිමින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කර ගනිමින් ආරම්භ වන මෙම මෙහෙයුම පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

පසුගිය දිනක මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම කොට්ඨාස භාර නිලධාරීන් කොළඹට කැඳවා වැඩබලන පොලිස්පතිතුමන් විසින් උපදෙස් ලබා දී ඇති අතර විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍ය භාවය ආරක්ෂා වන පරිදි ලැබෙන ඇමතුම් වල අමතන්නාගේ දුරකථන අංකය පෙන්නුම් නොකරන ලෙස මෙම දුරකථන ජාලයන්ද සකස් කර ඇත.

මේ සඳහා පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංකය 0718598800 වන අතර විද්‍යුත් තැපැල් ලිපිනය ops.narcotics@police.gov.lk වේ.

මීට අදාලව 2023.12.16 දින ඇල්පිටිය, ගාල්ල, මාතර හා තංගල්ල යන පොලිස් කොට්ඨාස වල ප්‍රජා පොලිස් කමිටු නිලධාරින් කැඳවා ඔවුන් සවිබලකොට තොරතුරු ලබා දීමේ අවශ්‍යතාවය හා ‘යුක්තිය’ මෙහෙයුම පිළිබඳ පැහැදිලි කිරීම සඳහා රැස්වීම් 4 ක් ගරු අමාත්‍යතුමන්ගේ හා වැඩබලන පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. ඒ සඳහා තොරතුරු ලබා දීමට හැකි කොට්ඨාස භාර නිලධාරීන්ගේ දුරකථන අංක 45 ක්
මේ සමඟ ඇතුලත් කරන අතර විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ආරම්භ වන ‘යුක්තිය’ මෙහෙයුමට ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගේ පූර්ණ සහයෝගය අපේක්ෂා කෙරේ.


01 කොළඹ උතුර 071-8598801
02 කොළඹ දකුණ 071-8598803
03 කොළඹ මධ්‍යම 071-8598804
04 නුගේගොඩ 071-8598805
05 ගල්කිස්ස 071-8598806
06 ගම්පහ 071-8598807
07 මීගමුව 071-8598808
08 කැළණිය 071-8598809
09 පානදුර 071-8598810
10 කළුතර 071-8598811
11 මාතර 071-8598812
12 තංගල්ල 071-8598813
13 ගාල්ල 071-8598814
14 ඇල්පිටිය 071-8598815
15 මහනුවර 071-8598816
16 මාතලේ 071-8598817
17 තෙල්දෙණිය 071-8598818
18 ගම්පොල 071-8598819
19 නුවරඑළිය 071-8598820
20 හැටන් 071-8598821
21 කුරුණෑගල 071-8598822
22 කුලියාපිටිය 071-8598823
23 නිකවැරටිය 071-8598824
24 පුත්තලම 071-8598825
25 හලාවත 071-8598826
26 අනුරාධපුරය 071-8598827
27 පොළොන්නරුව 071-8598828
28 කැබිතිගොල්ලෑව 071-8598829
29 රත්නපුරය 071-8598830
30 ඇඹිලිපිටිය 071-8598831
31 කෑගල්ල 071-8598832
32 සීතාවකපුර 071-8598833
33 යාපනය 071-8598834
34 කන්කසන්තුරය 071-8598835
35 වව්නියාව 071-8598836
36 මන්නාරම 071-8598837
37 කිලිනොච්චිය 071-8598838
38 මුලතිව් 071-8598839
39 මඩකළපුව 071-8598840
40 අම්පාර 071-8598841
41 ත්‍රිකුණාමලය 071-8598842
42 කන්තලේ 071-8598843
43 බදුල්ල 071-8598844
44 බණ්ඩාරවෙළ 071-8598845
45 මොණරාගල 071-8598846