පොලිසිය මූලිකත්වයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහනක්

රෝහල් පද්ධතිය වෙත දෛනිකව වාර්ථාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, සියලුම පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් සමඟ 2024.01.04 වන දින පැවැත්වූ සාකච්ඡාවකට අනුව සංවිධානය කළ ඩෙංගු මර්ධන වැඩසටහනක් 2024.01.07 වන ඊයේ දින මුුළු දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වුණි.

මේ සඳහා ත්‍රිවිධ හමුදාවට අයත් ප්‍රාදේශීය ඒකක, පළාත් පාලන ආයතන, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින්, පරිසර ආරක්ෂක නිලධාරීන් ඇතුලු පාර්ශව රැසකගේ දායකත්වය ලබාගත් අතර වැඩබලන පොලිස්පතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වූ ඩෙංගු මර්දන වැඩසටහන කොළඹ මධ්‍යම කොට්ඨාසයේ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පල්ලිය වීදියේදී උදෑසන 07.30 ට ආරම්භ කෙරුණි.