76 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම

76 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව පැවැත්වීමට නියමිත 2024.02.02 සහ 2024.02.03 යන දිනයන්හි මෙන්ම නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන 2024.04.04 වන දිනයේ කොළඹ නගරය තුල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව නිදහස් සැමරුම් උත්සවයේ පෙර පුහුණුවීම් කටයුතු සඳහා පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වා ද, නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් 2024.02.03 වන දින පස්වරු 2.00 සිට 2024.02.04 වන දින උත්සවය අවසන් වන මොහොත දක්වාද, පහත රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇත.

රථවාහන ගමනාගමනය සීමා කිරීම්

01 ගාලු මුවදොර මැදපාර, ගාලු මුවදොර වටරවුමේ සිට N.S.A වටරවුම දක්වා සහ චෛත්‍ය පාර ප්‍රදේශය.
02 කොල්ලුපිටිය හන්දියෙන් ගාලු මුවදොර වටරවුම දෙසට සහ කොල්ලුපිටිය දුම්රියපොල පාර වෙත ඇතුලු වීම‍.
03 ශාන්ත මයිකල් වටරවුමෙන් ගාලු පාර දෙසට ඇතුලුවීම.
04 රොටුන්ඩා වටරවුමෙන් ගාලුපාර දෙසට ඇතුලුවීම.
05 සෙරමික් හන්දියෙන් N.S.A වටරවුම දෙසට ඇතුලුවීම.
06 යෝර්ක් වීදියෙන් ලංකා බැංකු මාවත දෙසට ඇතුලුවීම.
07 යෝර්ක් වීදියෙන් චැතැම් විදියට ඇතුලුවීම.
08 යොර්ක් වීදියෙන් මුදලිගේ මාවතට ඇතුලුවීම.
09 යෝර්ක් වීදියෙන් බාරොන් ජයතිලක මාවතට ඇතුලුවීම.
10 ඛාන් ඔර්ලෝසු කණුව වටරවුමෙන් Y.M.B.A වටරවුම දෙසට ඇතුලුවීම.
11 CENOR හන්දියෙන් ඕල්කට් මාවත, CTO හන්දිය දෙසට ඇතුලුවීම.
12 CTO හන්දියෙන් ලෝටස් පාර සෙරමික් හන්දිය දෙසට ඇතුලුවීම.
13 ගාමිණී වටරවුමෙන් ඩී.ආර්. විජේවර්ධන මාවතට ඇතුලුවීම.
14 කොම්පඤ්ඤවීදිය පොලිසිය වටරවුමෙන් රීගල් හන්දිය දෙසට ඇතුලුවීම.
15 මාකන් මාකර් මාවත, බාලදක්ශ මාවත හන්දියෙන් ගාලු මුවදොර දෙසට හා බාලදක්ශ මාවත දෙසට ඇතුලුවීම.
16 ගාලුපාර බම්බලපිටිය හන්දියෙන් කොල්ලුපිටිය දෙසට ඇතුලුවීම.
17 මුහුදු මාවතේ බම්බලපිටිය දුම්රියපොල පාර හන්දියෙන් කොළඹ දෙසට ඇතුලුවීම.
18 තුම්මුල්ල හන්දියෙන් බෞද්ධාලෝක මාවත ඔස්සේ ආර්.ඒ. ද මෙල් මාවතට ඇතුලුවීම.
19 ආනන්ද කුමාරස්වාමි මාවත, මල්පාර හන්දියෙන් ලිබර්ටි වටරවුම දෙසට ඇතුලුවීම.
20 ලිබර්ටි වටරවුමෙන් ශාන්ත මයිකල් වටරවුම දෙසට ඇතුලුවීම.

ඉහත මාර්ග වසා තබන හා ගමනාගමනය සීමා කරන අවස්ථාවන් වලදී එම මාර්ග ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කල හැකි අතර, මාර්ග අවහිරතාවය වලක්වා ගැනීම සඳහා රියදුරන් සහ මහජනතාව පහත විකල්ප මාර්ග භාවිතා කළ යුතුයි.

බස් රථ හා සැහැල්ලු වාහන සඳහා

 ගාලුපාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ඇතුලු වන වාහන බම්බලපිටිය හන්දියෙන් දකුණට හැරී බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල හන්දිය, තර්ස්ටන් පාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කල හැක.
 කොල්ලුපිටිය හන්දියෙන් දකුණට හරවා ලිබර්ටි වට රවුම, ධර්මපාල මාවත ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කල හැකිය.
 ඕල්කට් මාවත, කාර්මික විද්‍යාල හන්දිය, සංඝරාජ මාවත, පංචිකාවත්ත පාර මරදාන පාලම් හන්දිය, ගාමිණී වටරවුම ඔස්සේ රථවාහන කොටුව, පිටකොටුව සිට පිටවීම සිදුකල හැක.

බස් රථ හැර වෙනත් බරවාහන ඇතුලුවීම හා පිටවීම

 වැල්ලවත්ත W.A. සිල්වා මාවතෙන් දකුණට හරවා පරණ හැව්ලොක් පාර, මායා වටරවුම, හැව්ලොක් පාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කල හැක.
 ඕල්කට් මාවත හරහා කාර්මික විද්‍යාල හන්දිය සංඝරාජ මාවත පංචිකාවත්ත පාර, මරදාන පාලම් හන්දිය, ගාමිණී වටරවුම, ටී.බී. ජයා මාවත ඔස්සේ වාහන කොටුව, පිටකොටුව සිට පිටවිම සිදු කල හැක.

හෙට දින (02) සහ නිදහස් දින ජාතික උත්සවය අවසන් වීමත් සමඟ රථවාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුකිරීම සඳහා මාර්ග විවෘත කිරීම සිදු කෙරෙනු ඇත.