ජීව උණ්ඩ 28 ක් සහිත ටී 56 අවියක් ඇතුළුව තවත් අවි ආයුධ කොටු වූ තෙබුවන වැටලීම

කළුතර කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අනාවරණය කරගන්නා ලද තොරතුරක් මත, පසුගිය 2024.01.30 වන දින තෙබුවන පොලිස් වසමේ නාරුකපාන හංදිය අසලදී පුද්ගලයින් දෙදෙනෙකු ගමන් ගනිමින් සිටි කළු පැහැති කාර් රථයක් නවත්වා පරීක්ෂාවට ලක්කර තිබේ.
එහිදී එම කාර් රථයේ සඟවා තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක්, ඊට යොදන ජීව උන්ඩ 28 ක් සහිත පතරොම් ගැබක්, මෙරට නිෂ්පාදිත අත්බෝම්බ ( ඩප්පි ) 02ක් සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු සන්තකයේ තිබි හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක්ද නිළධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙම සැකකරුවන් වයස අවුරුදු 45 සහ 30 වයස්වල පසුවන අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සිදුකල වැඩිදුර ප්‍රශ්නකිරීම් මගින් ඔවුන් පිදිංචිව සිටි අඟුරුවාතොට ප්‍රදේශයේ නිවසක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන එම නිවස පරීක්ෂාකිරීමට ලක්කිරීමේදී, නිවසේ සඟවා තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, විදේශ රටක නිශ්පාදිත වායු රයිෆලයක් සහ කඩු 07 ක්ද සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇත.

කළුතර කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය මේ සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.