දිය වැලකට හසුව ගසා ගෙන යමින් සිටි පිරිසක් පොලිස් ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගනී.

2024.02.04 වන දින පානදුර වෙරළ තීරයේ දිය නෑමට ගිය පිරිසක් අතරින් පිරිමි ළමුන් තිදෙනකු සහ ගැහැණු ළමුන් තිදෙනකු දිය වැලකට හසුවී ගසා ගෙන යමින් සිටියදී පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල් 69951 පුෂ්පකුමාර හා පොලිස් කොස්තාපල් 93731 දේශාන් යන නිලධාරීන් විසින් ඔවුන් නිරුපද්‍රිතව බේරාගෙන වෙරළට රැගෙන විත් මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදී ඇත.

මෙලෙස බේරාගෙන ඇත්තේ අවුරුදු 16 ත් 21 අතර වයස් වල පසුවන රත්නපුර ප්‍රදේශයේ පදිංචි පිරිසක් වේ. මෙලෙස බේරාගෙන ඇත්තේ අවුරුදු 16 ත් 21 අතර වයස් වල පසුවන රත්නපුර ප්‍රදේශයේ පදිංචි පිරිසක් වේ