“දරුවන්ට සුබ වසරක්-2024”

“දරුවන්ට සුබ වසරක් 2024”  නම් තේමා පාඨය යටතේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය විසින් Team Hero කණ්ඩායම සමඟ එක්ව  ආරම්භකරන ලදී. එහි සමාරම්භක වැඩසටහන හා ඒ සම්බන්ධව දැනුවත් කිරීමේ උත්සවය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන සහීරා විද්‍යාලයේදී 2024.02.10 වන දින පැවැත්වුනි.

එහිදී පොලිස්පතිතුමන් පැමිණ සිටි පිරිස අමතමින් ළමයින් සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසියට වසරකට පැමිණිලි 5000 ක පමණ ප්‍රමාණයක් ලැබෙන බවත් ළමුන් ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි වශයෙන් තර්ජනයට ලක්වන ස්ථානය ලෙස ළමුන් පදිංචි  නිවස හා ඒ අවට වටපිටාව බව පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි අනුව නිරීක්ෂණය වන කරුණක් බව ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිතුමන් මෙම තත්වය මැඩපැවැත්වීම සඳහා ළමා හා කාන්තා ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් ජාතික වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඒ සඳහා මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් මහත් සේ උපකාරී වන අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා, කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරී පුෂ්පා රම්‍යාණි ද සොයිසා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් රැසක් සහභාගී විය.