බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මහජන සහය අපේක්ෂා කෙරේ

2024.01.22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීමේ අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ වන විට ස්ථිර පදංචි ලිපිනය අතහැර පළාගොස් පොලිසිය මඟහරිමින් සැඟවී සිටින මෙම සැකකරුවන් පිළිබඳව ඔබ දන්නා යම් තොරතුරක් වේ නම් පහත දුරකථන අංක අමතා දැනුම් දෙන්න.

තොරතුරු ලබා දෙන ඔබගේ රහස්‍යභාවය ආරක්ෂාකරමින් ලබාදෙන නිවැරදි තොරතුර සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතයි.

පළමු සැකකරු (1)
නම – මහගමගේ දිනේෂ් ප්‍රියංකර නොහොත් චූටියා නොහොත් මහගමගේ දිනේෂ් ප්‍රදීප් ජයසේකර
ලිපිනය – ඩෙන්මාර්ක් කොළනි, වැරගොඩ. කහව,අම්බලන්ගොඩ
ජා.හැ.අ – 892362890V

දෙවන සැකකරු (2)
නම – නානායක්කාර අගරගේ නිශාන්ත සමන් කුමාර ඩයස්
ලිපිනය – අංක 80, යාය 04 , තඹුත්තේගම/ අංක 84, ගල්පාත, අගුරුවැල්ල
ජා.හැ.අ – 740744330V

තෙවන සැකකරු (3)
නම – රන්මුනි මහේෂ් හේමන්ත සිල්වා
ලිපිනය – අංක 107/2/බී,පුවක්ගහවත්ත, මාකන්දන, ඌරගහ,
ජා.හැ.අංකය – 832190942V

තොරතුරු ලබාදිය යුතු දුරකථන අංකයන්

ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී, තංගල්ල කොට්ඨාසය – 0718591488
ස්ථානාධිපති, බෙලිඅත්ත පොලිස් ස්ථානය – 0718591497