බොරලන්ද පොලිස් ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානය අභිනවයෙන් විවෘත කිරීම

බොරලන්ද පොලිස් විද්‍යාලය පොලිස් ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පොලිස් ශිෂ්‍යභට පුහුණු කටයුතු සඳහා විවෘත කිරීමේ උත්සවය 2024/02/24 වන දින ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, එම අමත්‍යාංශ ලේකම් පී.වියානි ගුණතිලක, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් සිදුකිරීමට නියමිතව ඇත.

දැයේ දරුවන්ගේ පෞරුෂය,විනය මෙන්ම නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩි ප්‍රමාණයකට පුහුණුව ලබා දීම උදෙසා මෙම මධ්‍යස්ථානය මනා පිටුවහලක් වනු නොඅනුමානයි.

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ වර්තමාන අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චින්තක ගුණරත්න මහතාගේ සංකල්පයක් මත යෝජනා වූ මෙම නව ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම කිරීම සඳහා වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මැතිතුමා, පොලිස්පතිතුමන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ගරු ලේකම් පී. වියානි ගුණතිලක මැතිතුමා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ගරු අතිරේක ලේකම් මාලිකා සූරියප්පෙරුම මැතිණිය ඉමහත් කැපවීමෙන් කටයුතු කරන ලදී.