බණ්ඩාරවෙල කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

බණ්ඩාරවෙල කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් 2024.02.24 වන දින බණ්ඩාරවෙල කැන්මාර්ක් උත්සව ශාලාවේදී පවත්වන ලදී.

මෙහිදී ගරු අමාත්‍යතුමා සහ පොලිස්පතිතුමා විසින් තෝරාගත් පොලිස් වසම් කිහිපයක දරුවන් කිහිප දෙනෙකුට පාසල් උපකරණ ලබා දීමක් සිදු කළ අතර, යුධ බිමේදී ආබාධයකට ලක් වූ පොලිස් නිලධාරියෙකුට සහ තවත් කාන්තාවකට රෝද පුටු ප්‍රධානය කිරීමක් සිදු කරන ලදී.