පොලිස් කබඩි කණ්ඩායමට ජයක්

Vision independent Trophy Kabddi Championship 2024 තරඟාවලිය සඳහා සහභාගී වූ පොලිස් කබඩි කණ්ඩායම එම තරඟාවලියේ අනුශූරතාවය දිනාගන්නා ලදී.

Vision Youth ක්‍රීඩා සමාජයේ සංවිධානයෙන් 2024.02.21 සහ 22 වන දිනවලදී මහරගම ක්‍රිස්තියානි තරුණ සංගම් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා කබඩි ක්‍රීඩා සමාජ 08 ක කණ්ඩායම් සහභාගී වී තරඟවැදුනු අතර ඉන් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබූවේ ශ්‍රී ලංකා පොලිස් කබඩි කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුධ හමුදා කබඩි කණ්ඩායමයි.