පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන්ගේ සේවය ඇගයීම උදෙසා සංවිධානය කල, අභිනව පොලිස්පතිතුමන් සහභාගී වූ ප්‍රථම නිල රාජකාරි උත්සවය

පොලිස් විශේෂ කාර්යංශ නිලධාරීන්ගේ සේවය ඇගයීමේ උත්සවයක් 2024.02.29 වන ඊයේ දින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, අපරාධ වාර්තා කොට්ඨාසයේදී පැවැත්වීය.

එහිදී පොලිස්පතිතුමන් විසින් එම කාර්යංශයේ රාජකාරිය සාර්ථක ලෙස ඉටුකල පොලිස් නිලධාරීන් 95 දෙනෙකු වෙත පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් කෝටියකට ආසන්න ත්‍යාග මුදලක් පිරනමමින් පසුගිය 2024.02.16 වන දින පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වූ ජී.එච් ෆගර්සන් අභියෝගතා කුසලාන පොලිස් අන්තර්කොට්ඨාස පාපන්දු තාරඟවලියේ අවසන් මහා තරඟය ජයග්‍රහනය කල විශේෂ කාර්යාංශ පාපන්දු කණ්ඩායමේ නිලධාරීන් 19 දෙනෙකු වෙතද මුදල් ත්‍යාග පිරිනැමීම සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා, පොලිස් විශේෂ කාර්යංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ ධනපාල මහතා, පොලිස් විශේෂ කාර්යංශයේ අධ්‍යක්ෂ නිශාන්ත සොයිසා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.