තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න.

ඇටම්පිටිය පොලිස් වසමේ නෙළුව වත්ත,බණ්ඩාරවෙල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 28 ක් වන මුත්තයියා ජොනී ප්‍රනාන්දු යන පුද්ගලයා පිළිබඳව 2023.11.12 වන දින සිට තොරතුරක් නොමැති බවට සඳහන් කරමින් ඇටම්පිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත.

පැමිණිල්ලට අනුව උස අඩි 05ක් පමණ වන තළෙළු සාමාන්‍ය ප්‍රමාණයේ ශරීර ප්‍රමාණයක් හිමි අයෙකු වන මොහු යම් මානසික අබාධයකින් පෙළෙන අයෙකි.
අවසන් වරට නිරීක්ෂණය වන විට කළු පාටට හුරු අත් දිග කමිසයක් සහ නිල් පාට කළු ඉරි සහිත බතික් සරමක් ඇඳ සිට ඇත.

මෙම පුද්ගලයා සොයා තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර ඔබ මොහු පිළිබඳව යම් තොරතුරක් දන්නනෙම් පහත දුරකථන අංකය අමතා දැනුම්දීමට කටයුතු කරන්න.

ස්ථානාධිපති, ඇටම්පිටිය – 071 8591528