කාන්තා දිනයට සමගාමීව ගර්භණී පොලිස් නිළධාරිනියන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය

මාර්තු මස 08 වන දිනට යෙදුනු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පොලිස් පවුල් සුභසාධක සංගමය මගින් සංවිධානය කල ගර්භණී පොලිස් නිලධාරිනියන් උදෙසා අවශ්‍යකරන ද්‍රව්‍ය හා උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024.03.15 වන දින උදෑසන කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි එම සංගමයේ උත්සව ශාලාවේදී පැවැත්වුණි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහ එම සංගමයේ සභාපතිණිය වන නීතිඥ අනුරාධා විජයවර්ධන මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත තුල රාජකාරි කරන ගර්භණී නිලධාරිනියන් 23 දෙනෙකු සහභාගී වී සිටි අතර, එම ගර්භණී නිලධාරිණියන් සඳහා අද දින පෝෂදායී දිවා භෝජන සංග්‍රහයක්ද ලබාදීමටද එහිදී කටයුතු සලසා තිබුණි.

මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, සුබසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන්, එම සංගමයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන සිරිලාල් මහතා සහ පොලිස් පවුල් සංගමයේ හිටපු සභාපතිනියක් වන වසන්තාද සිල්වා, හිටපු වැඩබලන සභාපති ප්‍රශාන්ති ප්‍රනාන්දු , ලේකම් පිලෝ විජේසූරිය, භාණ්ඩාගාරික ජයන්ති ඒකනායක යන මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය