පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.12.01 දින ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් දේවස්ථානයේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවූ අතර එහිදී ගංවතුරෙන් අවතැන්වූ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් සහන සැලසීම සම්බන්ධව සාකච්ඡා කරන ලදී.
අනතුරුව පොලිස්පතිතුමා ජල ගැලීමෙන් විපතට පත් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පදිංචි ජනතාව රදවා සිටින ශාන්ත ජෝශප් දේවස්ථානයේ ස්ථාපිත සුරක්ෂා කදවුරේ සිටින අපේම සහෘද ජනතාව හමුවූ අතර ඔවුන් වෙනුවෙන් පොලිස් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය විසින් පවත්වන ලද වෛද්‍ය සායනය සදහාද සහභාගි විය.
ඒ සදහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා රාජිත ශ්‍රී දමින්ද, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, නිශාන්ත ද සොයිසා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වන ලදී.