යාපනය හා කන්කසන්තුරය පොලිස් කොට්ඨාස, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ හමුව

යාපනය හා කන්කසන්තුරය පොලිස් කොට්ඨාස ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කීරිමේ වැඩසටහනක් 2024.03.17 වන දින උදෑසන ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් යාපනය US උත්සව ශාලාවේදී පැවැත්විය.

මේ සඳහා එම කොට්ඨාසයන්ට අයත් ග්‍රාම සේවා වසම් 431 ක ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 2000 ක පමණ පිරිසකගේ සහභාගීත්වය හිමිවිය.

යුක්තිය මෙහෙයුමට සමගාමීව උතුරු පළාත තුල පොලිසිය ගෙනයන වැඩපිළිවෙල සඳහා ප්‍රජා පොලිස් කමිටු සමාජිකයින්ගේ සක්‍රිය දායකත්වයේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කරමින් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් දිවයිනෙන් තුරන්කිරීම සඳහා මහජනතාවගෙන් ලැබිය යුතු සහය පිළිබඳව ගරු අමාත්‍යතුමන් සහ පොලිස්පතිතුමන් විසින් එහිදී පැමිණ සිටි පිරිස දැනුවත් කල අතර දමිල භාෂාවෙන් තොරතුරු ලබාදිය හැකි “107” කෙටි දුරකථන අංකය පිළිබඳවත් සිහිපත් කරන ලදී.

යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා, විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධරයන් රැසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වා නිමා කල මෙම වැඩසටහන අවසානයේදී සමස්ථ වැඩසටහන සනිටුහන් කරමින් ගරු අමාත්‍යතුමන් සහ පොලිස්පතිතුමන් වෙත සමරු සිහිවටන ප්‍රධානයක්ද සිදුකෙරුනි.

අනතුරුව පොලිස්පතිතුමා මුත්‍රෙවේලි පුද්ගලික බස්නැවතුම්පල පරිශ්‍රයට පැමිණ ත්‍රීරෝධ රථ 75 ක් වෙත යුක්තිය මෙහෙයුමට අදාලව නිකුත්කෙරුනු ස්ටිකරය ලබාදීමද සිදුකලේය.