කිලිනොච්චිය හා මුලතිව් පොලිස් කොට්ඨාස ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

කිලිනොච්චිය හා මුලතිව් පොලිස් කොට්ඨාස ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.03.17 වන දින සවස ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් කිලිනොච්චිය R.S. ග්‍රීන් භාරතී රිසෝට් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

එම පොලිස් කොට්ඨාසයන්ට අයත් පොලිස් වසම් 19 යේ ප්‍රජා පොලිස් කමිටු සමාජිකයින් හට මෙම හමුව සඳහා ආරාධනා කර තිබූ අතර ගරු අමාත්‍යතුමා සහ පොලිස්පතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් එහිදී එම පිරිස අමතා ප්‍රදේශයේ නීතිය හා සාමය අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා ග්‍රාමීය ප්‍රජා පොලිස් කමිටු බලගන්වමින් සිවිල් ජනතාව සහ පොලිසිය අතර සමීප සබඳතාව තවදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ප්‍රකාශ කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මැඩලීමට මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ගෙනයන වැඩපිළිවෙලට අවශ්‍ය සහය ලබා දිය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කරන ලදී.

වැඩසටහන සාර්ථකව නිමා කරමින් පොලිස් ස්ථානයන් වෙත නිලධාරීන්ගේ පහසුව උදෙසා පොලිස් ත්‍යාග අරමුදලින් විදුලි උපාංග බෙදාදුන් අතර ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රහයෙන් ආබාධිත පුද්ගලයින් සඳහා රෝද පුටු ප්‍රධානයක් සහ කිලිනොච්චිය කන්නගෛ අම්මාන් විදුහලේ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල ප්‍රධානයක්ද සිදුකළහ.