මාසයක කාලයක් ඇතුලත ගිනිඅවි සහ අත්බෝම්බ සම්බන්ධව තොරතුරු ලබාදෙන්නන්ට මුදල් ත්‍යාග

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක “යුක්තිය” මෙහෙයුමට සමගාමීව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සූදානම්කල විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමුඛ අරමුණ කර 2024.03.19 වන දින සිට බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍රකරගනිමින් දිවයින පුරා මෙහෙයුම් අරම්භකර තිබේ.‍

ඊට සහය වෙමින් සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් සහ අනවසරයෙන් සන්තකයේ තබාගෙන සිටින තහනම් ගිනි අවි සහ අත්බෝම්බ, තහනම් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තම රහස්‍ය භාවය රැකෙන පරිදි ශ්‍රී ලංකා පොලිසිය වෙත තොරතුරු ලබාදීම සදහා ඔබ වෙත විශේෂ දුරකතන අංක රැසක් පොලිසිය විසින් ලබා දී තිබේ.

විශේෂ දුරකථන අංක සඳහා යොමු –
https://www.police.lk/?p=14427
https://www.police.lk/?p=17632

එසේ තොරතුරු ලබාදීමෙන් සාර්ථකවන වැටලීම් මගින් අත්අඩංගුවට ගන්නා ගිනි අවි වෙනුවෙන් තොරතුරු ලබා දුන් තොරතුරුකරුවන්ට වටිනා මුදල් ත්‍යාග ලබාදීමට නැවත වරක් පොලිස්පතිතුමන් තීරණය කර ඇත.

මෙහිදී, අවි කිහිපයක් අත්අඩංගුවට ගැනීමට හැකිවන අවස්ථාවකදී පහත දක්වා ඇති එම අවි වලට අදාල සම්පූර්ණ මුදලම ගෙවීමට කටයුතු කරනු ලබයි.

මෙම ත්‍යාග මුදල් ගෙවීම 2024.03.20 වන දින සිට මාසයක කාලයකට පමණක් වලංගු වේ.