සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට සමගාමීව
පොලිස් සංචාරක කොට්ඨාසයේ කාර්යයභාරය පිළිබඳව දැනුවත්කිරීමේ වැඩසටහනක්

පොලිස් සංචාරක කොට්ඨාසය මෙරට සංචාරයෙහි නිරතවන දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් ඔවුනට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදීමට මෙන්ම, ඇතිවන ගැටළුකාරී තත්වයකදී එම ගැටළු විසදීමට අවශ්‍ය මගපෙන්වීම් සිදුකරමින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා සුවිශේෂ කාර්යයභාරයක් ඉටුකරනු ලබයි.

එම කාර්යයභාර්යය තවදුරටත් විධිමත් කිරීම සඳහා මෙන්ම මෙරට පිළිබඳව සංචාරකයින් තුල තවදුරටත් යහපත් ප්‍රතිරූපයක් ඇතිවන පරිදි පොලිස් රාජකාරි සිදුකිරීමට අවශ්‍ය නව වැඩපිළිවෙලකට මුලපිරීමේ අරමුණින්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යයාලයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම යටතේ 2024.03.27 වන දින උදෑසන ගාලුමුවදොර රාමඩා හෝටලයේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් පොලිස් සංචාරක කොට්ඨාසයේ නිලධාරීන් නිලධරයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුනි.

එහිදී පොලිස්පතිතුමන්, සංචාරකයින් බහුල වශයෙන් ගැවසෙන ප්‍රදේශන්හි නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා මෙන්ම සංචාරකයින්ට සිදුවන අපහසුතා තවදුරටත් අවම කිරීම වෙනුවෙන් පොලිස් සංචාරක කොට්ඨාසයේ නිලධරයන් ඉටුකල යුතු කාර්යය භාරයය පිළිබඳව පැහැදිළි කල අතර රාජකාරි සිදුකරීමට අවශ්‍ය භාෂාමය දැනුම වර්ධනය පිළිබඳව සහ ඇතිවන ගැටළු සහ බාධා ඉවත්කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග, සපයාගතයුතු පහසුකම් පිළිබඳව උපදෙස් ලබාදෙමින් අවශය මඟපෙන්වීම සිදුකරන ලදී.

එදින පුරා පවත්වන ලද මෙම වැඩසටහන සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙරිෆ්ඩීන් මහතා, ප්‍රජා පොලිස්, සංචාරක හා අයෝජන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා, නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සමුද්‍රජීව මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ පොලිස් සංචාරක කොට්ඨාසය මගින් සෘජුව පාලනය වන දිවයින පුරා පිහිටුවා ඇති සංචාරක පොලිස් ස්ථාන 16 ක ස්ථානාධිපතිවරුන්, පොලිස් නිලධරයන් සහභාගී විය.