සමාජ මාධ්‍ය ජාලා භාවිතය සහ කැමරාකරණය සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්.

සමාජ මාධ්‍ය භාවිතය සහ කැමරාකරණය සම්බන්ධයෙන් ඌරපොල මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සිසු දරුවන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024.03.26 දින බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

ඌරපොල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති විසින් එම විද්‍යාලයේ මාධ්‍ය ඒ්කකයේ සිසුන් හට සමාජ මාධ්‍ය ජාලා භාවිතය සම්බන්ධයෙන් වැඩමුළුවක් පවත්වන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතාගෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සේනාධීර මහතාගේ මග පෙන්වීම යටතේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විනීත් ජයසේකර මහතා විසින් මෙය සංවිධානය කරන ලදී.

මෙහිදී අන්තර්ජාල අපරාධ, පුවත් සකස් කිරීම, වීඩියෝ සහ ඡායාරූප සංස්කරණය, ශබ්ද පරිපාලනය, නිවැරදිව යූටියුබ් නාලිකාවක් (Youtube Channel) සහ මුහුණු පොත් පිටුවක් (Facebook Page) සකස් කිරීම සහ පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් සහ කැමරා උපකරණ භාවිතය සම්බන්ධයෙන් පැමිණ සිටි සිසුන් දැනුවත් කිරීම සිදු කරන ලදී.

වැඩමුළුවේ සම්පත් දායකයින් ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්.ජේ රත්නායක, පොලිස් කොස්තාපල්වරුන් වන 88157 බුද්ධික ලක්මාල්, 25539 චාමර සඳරුවන්, 99946 ටී.ඩී විතානගේ, 101966 චාමික දිල්ශාන්, 103853 අවිෂ්ක නයනශාන්, 104192 ප්‍රවීන් භවන්ත, 105254 පබෝධ දිනෙත්ත්‍ර සහ 99028 තරිඳු සම්පත් යන නිලධාරීන් කටයුතු කරනු ලැබීය.