පොලිස්පතිතුමන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුවක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2024.04.01 වන දින කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවී සුහද පිළිසඳරක නිරත විය.

බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගෞරවාන්විතව පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව පොලිස්පතිතුමා සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුව සිදුවිය.

එහිදී මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය හා නාවික හමුදාවේ සහයෝගීතාවය‍ දෙපාර්ශවයේම ඇගයීමට ලක්වූ අතර, ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පති ලෙස පත්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් විසින් පොලිස්පතිතුමන් වෙත සිය සුභාශිංසන පිරිනැමුවේය.

මෙම හමුව සිහිගන්වමින් පොලිස්පතිතුමා සහ නාවික හමුදාධිපතිතුමන් අතර සමරු සිහිවටන හුවමාරුවක්ද සිදු විය.